À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 32 |

A+ A-

    අයියා ගෙදර එනකල් මමයි මොනර පැටියයි මිදුලට වෙලා සෙල්ලම් බත් ඉව්වා..

“කෝම්පිත්තු ඉතීයෝ..
කෝම්පිත්තු ඉතීයෝ..
තෑත බතත අපත කන්න
කෝම්පිත්තු ඉතීයෝ.. “

  

කොල්ලා කෑගැහුවෙ බිම වැලි පුරෝල නැව්ව පොල්කට්ටට කෝටුවකින් තඩිබාන ගමන්. මට මතක් වුනේ මං පුංචිම කාලෙ.. ක්‍රිකට් අතක් ගහන්නවත් ගෙදර වැටෙන් එලිබැස්සුවෙ නැති තරම් කාලෙ… ඒ කාලෙ මේක තමයි අපිට තිබ්බ එකම විනෝදෙ. අයියා ලොකු හින්දා මේ වගේ සිප්පි වැඩවලට ඌ ආවෙ නෑ.. මල්ලි ඉපදිලා නෑ. එහෙමයි කියල තනියෙන් කෝම්පිට්ටු ඉව්වෙ නෑ. අල්ලපු ගෙවල්වල ඇට්ටි ගෙඩි සයිස් උන් දෙක තුනක් අපේ ගෙදර මිදුලට එකතු වුනා හැම උදේකම…

අපේ මිදුල සෑහෙන ලොකුයි. ඒ විතරක් නෙවෙයි.. ගමේ හොදම වැලි තිබ්බෙ අපේ මිදුලෙ. අප්පච්චි ගෙනත් අතුරපු සුදු වැල්ලක් ඒක. ඒකෙන් කෝම්පිට්ටු හැදුවම මාර ලස්සනයි.

       යොවානා පොඩි උන් දෙන්නට මොනර පැටියා එක්ක සෙල්ලම් කරන්න තහනම් කරා ලු. කෙල්ල තාම මං එක්ක තරහෙන් ඇත්තෙ..

මං යොවානට තේරුම් ගන්න උත්සහ කරා.. එක අතකින්.. අයියව යොවානට තාත්තා වගේ.. යොවානා පොඩිකාලෙ ඉදන් අයියට වෙන කෙනෙක් ලං වෙනවට කැමති නැති ලු. පව් කෙල්ල.. මං ඇවිත් එයාලගෙන් එයාලගෙ අයියව උදුරගෙන යන්න හදන්නෙ කියලා හිතනවා ඇති.

       එයාල දන්නෙ නෑ. මට ඕන එයාලට තව සහෝදරයෙක් වෙලා එයාලට හයියක් වෙන්න… ඒක නම්.. දැනටත් මං දෙව්දුන් අයියට තව බරක් වෙලා.. එක අතකට කෙල්ල හරි… මං හින්දා එයාලට අසාධාරණයක් වෙයි කියල යොවානා හිතනවනම්.. දැනටම යොවානා හරි.

       අද නං අයියා එක්ක රන්ඩු කරලා හරි හෙට බැංකුවට යන්න අවසර ගන්නවා. අවසර දුන්නත් නැතත් හෙට මම තනියෙන් හරි යනවා.

  මට පයින් හරි බස් එකක හරි යන්න බැරි නෑ.. දැන් කකුල සනීපයි ගොඩක් දුරට. ඒත් පොඩි එකාව උස්සගෙන යන්න තරම් සනීපයක් නැති නිසයි තාම පරක්කු වෙන්නෙ..

    මම බුක්ශොප් එක දාන්න හැමදේම ප්ලෑන් කරලා ඉවරයි. දැන් සල්ලි තමයි මදි. අද රෑට ඒ ගැන අයියට කියන්න ඕන.. එයාගෙ අදහස් තමයි මට මේ වෙලාවෙ වටින්නෙම.. මොකද, අයියා තමයි දැන් මේ ලෝකෙ මං දන්න විශ්වාසවන්ත ම මනුස්සයා. මට මගහැරුනු තැනක් වුනත් එයා පෙන්නලා දෙයි…

       ” අපත්ති ආ..වා.. අපත්ති ආ..වා… ” කොල්ලා සින්දුවක් කිය කිය නැගිට්ටෙ වාහනේ දිහාට දුවන්න. මං අල්ලගත්තා..

   අයියා වාහනේ ගැරේජ් එකට දැම්මට පස්සෙ මං කොල්ලව අතෑරියෙ..

    කොල්ලා මඩ වැඩි දූවිලි නාගෙන ඉන්නෙ.. අයියා ඒත් අර අලුත් ඇදුම් පිටින් කොල්ලව වඩාගත්තා.

    ” මත කිත් එකක් දුන්නෙත් නෑ.. මෙතන. ” කොල්ලා හුරතල් වුනා. දැන් මූ බොරුවට තරහ වෙන්නත් හුරුවෙලා..

      අයියා උගුර යටින් හිනාවුණේ කොල්ලගෙ මුලු මූනම ඉබින්න කලින්. කොල්ලට කිචි ඇවිත් අතපය විසි කර කර කෑගහල හිනා වෙන්න තියාගත්තා.

   ” ඇද්ද?.. ඇද්ද ඔයාට…! ” අයියා කොල්ලගෙ කම්මුල දත්වලින් ගත්තෙ හපන්න වාගෙ.. කොල්ලගෙ කම්මුල ඩම්ප්ලින් එකක් වාගෙ පිම්බෙද්දි මට හිනා ගියා..

ඇහැ කොනෙන් කවුරුහරි ඉන්නවා වගේ පෙනුන නිසයි මට බැල්කනි එක දිහා බැලුනෙ. යොවානා මට රවලා ගේ ඇතුලට ගියා..

       ” අනේ.. මූන කන්න හදන්නෙ?! ” කොල්ලා කම්මුලේ ගෑවිලත් නැති කෙල අතින් පිහදැම්මා.

     ” මූනෙ කෝම්පිට්ටු රහක් ආවා.. “

අයියා කිව්වෙ දිවේ ගෑවිච්ච වැලි කැටයක් අතින් අරන් පිහදාන ගමන්..

   කොල්ලා ලොකුවට හිනා වුණා.. ” අපි කෝම්පිත්තු ඇදුවා.. යංකො පෙන්නන්න.. ” අයියගෙ අත්වලින් බහින්න දගලලා.. බිම තිබ්බම අයියගෙ ඇගිල්ලකින් ඇදගෙන කෝම්පිට්ටු හදපු දිහාට ගියා..

     ” මේ තෝම්පිත්තුව ඇදුවෙ තාත්තී… ඒක කැතම කැතයි..  මේ තෝම්පිත්තුව ඇදුවෙ මොලල පැතියා… ඒක ඩත්තම ඩත්තනයි… අද තෑත අපි කන්නෙ තෝම්පිත්තූ.. ”

    

        ” වාව්…. කෝම්පිට්ටුවක් කාපු කාලයක් මතක නෑ. ”

       ” අපි ගිහින්.. ජෝ නාල එමු කෝම්පිට්ටු කන්න සුදුමහත්තයා… ” මම කොල්ලව වඩාගන්න හැදුවෙ. ඒත් අයියා ඉස්සර වෙලා දරුවව අරන් ගියෙ මට අමාරුයි කියලා හිතල වෙන්නැති.

      යන ගමන් මාව ඇදල අරන් අයියා තොල් උඩින්ම හාද්දකුත් තිබ්බෙ මොනර පැටියට නොපෙනෙන්න…

          

           මම කොල්ලව නාවලා ඉවර වෙද්දි පොඩි උන් දෙන්නා කාමරේට දුවගෙන ආවෙ එක්ටැම් ගෙයින් මිදිලා… අයියා ආව හින්දා බටකොල ආච්චි පොඩි උන් දෙන්නව නිදහස් කරලා තිබුනා.

    ” අයියා අපි මොනර මල්ලිව සෙල්ලම් කරන්න එක්ක යන්නද?.. ”

         ” තාත්ති මං තෙල්ලම් කලන්න යන්නත?!. ” කොල්ලා ඇහුවෙ මං ඔලුව තුවායකින් පිහින අතරෙ.. තාම මූ හිටියෙ තුවායක එතිලා..

    අයියා ඇදුමක් තෝරල ගෙනත් ඇදට දැම්මා..

       ” ගියාට කමන්නෑ උඩ නගින්නෑ.. පඩිපෙළ දිහාට යන්නෑ.. අක්කිලට කරදර කරන්නෑ.. හොද බබා වගේ ඉන්නෝන මගෙ මොනර පැටියා.. හා ද?. ”

    ” හා.. හා.. ” අත්පුඩි ගගගා ඇදේ උඩපැන්න කොල්ලව මම බාටා දම්මලා බිමින් තිබ්බෙ ඉබින්න කලින්.. අයියා ගෙනාව බේබි සබන් ශැම්පු වර්ගවලට කොල්ලා කුමාරයෙක් වගේ සුවද වෙලා…

   පව් අප්පා.. මගෙ මොනර පැටියා.. මම ඉගෙනගත්තනං… ජොබ් එකක් කරලා මේකව හැදුවනම්… මට මේව නොහිත ඉන්න බැරි ඒවා.. කොච්චර කිව්වත් තාත්තෙකුට ඒ දුක ලැජ්ජාව දරන්න අමාරුයි.. දරුවො ලොකු වෙද්දියි ඒ බර ලොකුවට දැනෙන්න ගන්නෙ..

   ඒත් මං මගෙ මොනර පැටියව උගන්නල හොද තැනකට ගෙනියන එක ගෙනියනවමයි. මම ජීවත් වෙලා හිටියොත් ඒ වෙනකල්, මට ඕන මගෙ මොනර පැටියා ජීවිතේ දිනනවා දකින්න.

   

     ” තාත්ති නෝටි.. ” දොර ළඟ හොරගල් අහුලලා.. පොඩි උන් ලගපාතක නෑ කියල දැනගෙන දොර වහලා.. අයියා කපටි හුරතලේ දාගෙන ආවෙ ඇදට.. ගොනා හැරෙන්නෙ පොල් පැලේට කියන්න නොදන්නවා වගේ මම කොල්ල පිහපු තුවා අරන් නැව්වෙ රෙදි සෝදන බාස්කට් එකට දාන්න. ” මොනර පැටියව විතරයි හුරතල් කරන්නෙ.. අප්පච්චිට හුලං… ”

    ” ආහ්…. නාකි හුරතල් කරන්නද කියන්නෙ?!.. ” මම තොල හපාගත්තෙ අයියා මගෙ ඉඟ වටෙන් අතක් දාල මාව ලඟට ඇදලා ගත්ත ගමන්.

     ” යං නාන්න?!… “

  ” ……… ” එක අතකට අද ලොකු සීන් දාල හරියන්නෑ. කොහොමත් හෙට බැංකුවට යන්න මේ යකාව කැමති කරගන්න නං මුගෙ මූඩ් ෆික්ස් කරල ඉන්නෝන…

   අයියා මාව උස්සල අරගෙන කිස් කරා… මගෙ තොල් අල්ලන් එහෙම්ම නාන කාමරේට ගියා. දොර කකුලෙන් තල්ලු කරලා වැහුවෙ වැඩි ආරක්ෂාවට..

       මුලු දවසෙම මහන්සිය බේරල මගෙ ඇගේ වක්කරද්දි මම බිත්තියට ඔලුව ගහගෙන මද රස්නෙ වතුරට ඉඩ දුන්නා මුලු මූණ මත්තෙම ඉහිරිලා වැටෙන්න..

         

       අයියා මාව රිද්දුවෙ ආදරෙන්… ශවර් එක විනාඩි විසි පහක් තිහක් ඇදෙන්නැති…

    සේරම කරලා මාව තුවායකින් පිහදාල ඇදට උස්සන් ආවෙ අලුත බැඳපු මනමාල මහත්තයෙක් වගේ..

    අපිට ඇත්තටම බඳින්න පුළුවන් වුනානම්…

     මොනර පැටියව මම ගන්නෙ මල් කුමාරයාට..

     තප්පර දෙකට හීන ලෝකෙකත් ගිහින් ආව ආය මං දිහා අයියා බලන් හිටියෙ ඇද කොනක දනක් නවන්. මගෙ කම්මුල මත්තෙ ඇගිල්ලකින් රේඛාවක් ඇන්දපු අයියා මගෙ නළලට හාද්දක් දුන්නෙ හිනාවෙලා..

    ” තමුසෙ ලස්සනයි හංස… ”

        මං ඒ ඇස් දිහා බැලුවා. අයියා කිව්වෙ හදවතින්මයි. ඒ ඇසුත් හිනාවුණා.

    ඇත්තටම… මං කොච්චර පින්කාරද… අයියා වගේ මනුස්සයෙක් අයිති කරගන්න ගෑනු හිත්ම කීයක් හීන බලනවා ඇද්ද..

   පිරිමියෙක් වෙලත්… මෙච්චර ආදරයක් විඳින්න.. හඟින්න තරම් මං කොයිතරම් සසරෙ පින් කරලා ඇතිද?….

  පව් නම් මම සෑහෙන කරලා ඇති. ඒත් තව හිතකට ආදරේ නාමෙන් දුකක් නම් දීල නැතුවැති. මට අයියව මුණගැහුණෙ ඒ පිනෙන්ම වෙන්නැති.

        අපි දෙන්නම පියවි ලෝකෙට ආවෙ මොනර පැටියා අඩන සද්දෙ ඇහිලා.. අපි දෙන්නම කාමරෙන් එලියට දිව්වෙ සුදු තුවා පිටින්..

       මොනර පැටියා හිටියෙ යොවානාගෙ කාමරේ දොරකඩ බිම වැටිලා. තොල්වලයි මූණ පුරාමයි රතුපාට දෙයක් තිබුනා..

   මගෙ පපුව එතනම නැවතුනා වගේ.. මට හුස්ම ගන්නත් අමතක වුණා..

   යොවානා හිටියෙ රෙදි හැගර් එකක් අතේ තියාගෙන.. කොල්ලා බිම ඉදන් ඉකි ගගහා අඩනකොට මම ගිහින් දරුවව වඩාගත්තා…

    ” යොවානා මොකද්ද තමුසෙ දරුවට කලේ?! ” අයියා කෑගහපු සද්දෙට පොඩි එකා මගෙ අතේ ගැස්සිල ගියා.. ඌ මගෙ පපුවෙ මූණ ගහන් තව සද්දෙන් අඩන්න වුනා..

  පොඩි දරුවො දෙන්නම යොවානගෙ කාමරේ ඇදේ ඉදගෙන ඉන්නවා මම දැක්කා.. කොල්ලගෙ මූණ හරෝල බැලුවමයි මගෙ පපුවට ලේ ඩිංගක් ඉනුවෙ…

   ඒ ලේ නෙවෙයි.. ලිප්ස්ටික්…

  ” මං මොනාද කරේ?!… මූ මොනාද කරේ කියල ඇයි අයියා තමුසෙ අහන්නැත්තෙ?! ”

   ” කන්න එපා යොවානා මගෙන්..! ” අයියා කිව්වෙ දත් කාගෙන.. මං අයියගෙ අතකින් ඇල්ලුවෙ දරුවට යොවානා මොකුත් කරලා නැතිවැති කියල මම හිතපු නිසා.

     කෙල්ලගෙ ඇස්වල කදුලු පිරුණා… කාමරේට ගිහින් පොඩි උන් දෙන්නට කෑගහල එලියට තල්ලු කරලා යොවානා දොර දඩාස් ගාල වහල දැම්මෙ අපේ මූණට.

    ” අයියෙ…- ”

” මේලි මොකද්ද වුණේ?!.. ” අයියා සැර කරාම පොඩි එකී හොර පූසා වගේ ඇස් උස්සලා බැලුවා.. කෙල්ලගෙ තොල්වලත් ලිප්ස්ටික්.. කොල්ලගෙ ඇස්වල මස්කාරා තලියක්..

     ” මේහ්…….. මොනර මල්ලි.. චූටි අක්කිගෙ රූම් එකෙන් මේක් අප් සෙට් එක අරන්.. මටත් පොඩ්ඩක් දුන්නා මමත් ගෑවා… ඇයි ඉතින්?.. ”

    ” අක්කි මල්ලිට ගැහුවද?.. “

   ” නෑ… ගහන්න ගියා විතරයි. මල්ලි බයවෙලා අඩන්නෙ… ”

    ” ඔයාලත්… අනේ මංදා මේලි.. ” අයියා දරුවව වඩාගෙන රූම් එකට ගියා… මං පොඩි උන් දෙන්නගෙ ඔලුව අතගාගෙන රූම් එකට ගියෙ මං තාම හිටියෙ අඩ නිරුවතින් හින්දා…

    ” ආහ්…  තාම අඩනවද?!… ඔයත් මහ ඕන්නැති වැඩ කරන්නෙ මොනර පැටියා… පව්නෙ, අක්කිගෙ මේක් අප් සෙට් එක ඔයා නාස්ති කරලා.. ”

   මං ටිශූ කඩදාසි ටිකක් අරන් කොල්ලගෙ තොල් පිහදාන්න බැලුවා.. මේක් අප් අහක් වෙන්නෙ නෑ. බේබි ඔයිල් ටිකක් දාල පිහලදැම්මම ඒව මැකිල ගියා.. ඒත් කොල්ලා තාම අඩනවා..

    ” නරක වැඩ කරලා… අඩන්න හොදද ඕම?.. ”

   ” මං නෝති නෑ… අක්කි දත්තන හින්දා.. මොලල පැතියත.. දත්තන වෙන්නනෙ ආත ඉතුනෙ… ”

    ” මායු කොහොමත් ලස්සනයිනෙ.. ”

    ” ඒ වුනාත… මගෙ කත තතුපාත නෑ නෙ.. ” කොල්ලා මිමිනුවෙ මහ දුකකින්..

     ” කට රතුපාට?!… දෙන්නෙ දෙකක් මම.. ” අයියා කොල්ලව බදාගත්තා.. මං ඒ අතරෙ ඇදුම් ඇදගෙන ඇදෙන් ඉදගත්ත් දරුවව ගන්න හිතන්..

    ” අක්කි මහ….. නපුලුයි. ”

” ඔයා මහ නෝටියි… අක්කිගෙ දේවල් නාස්ති කරල නිසා අක්කිට දුක හිතෙන්න ඇති. එයා පව්. “

    ” මං ආය… ගන්නෙ නෑ… ”

    ” මගෙ හොද පුතා.. ” මං කොල්ලව බදාගත්තා.. අයියා බිම බලාගෙන කල්පනා කරන හේතුව එයා මට වචනෙන් කියන්න ඕන්නෑ. යොවානා අඩනවා ඇති. අයියා කෙල්ලට සැර කරා.. නිකන් නෙවෙයි.. කෑගහල.. අයියා කවදාවත් පොඩි උන්ට එහෙම කෑගහනවා මම දැකල නෑ. යොවානා කියන්නෙ අයියගෙ හදවතේ කොටසක්… ඒ බැඳීම මැද්දට මං පැන්නදෝ කියන හැඟීම මගෙ හිතට වදදුන්නා.

    ” අයියා.. ගිහින් කතා කරන්න නංගිට.. පව් කෙල්ල.. ”

    අයියා මගෙ ඔලුව අතගාගෙන කොල්ලවත් ඉබලා නැගිට්ටා. මම හිතුවෙ නංගිගෙ රූම් එකට යන්න වෙන්නැති කියලා..

   ඒත් ටිකකින් වාහනේ ස්ටාට් වෙන සද්දෙ ඇහුනා…

        අයියා එද්දි මම හිටියෙ රාමේන් හදන ගමන්.. යොවානා ආසම කෑම රාමේන් කියලා චූටි මේලි මට කිව්වෙ.. ඉතින් පොඩි උන් තුන්දෙනත් කුස්සියෙ තියන්.. කතන්දරයක් කියන ගමන් මම රාමේන් හැදුවා මුලු පවුලටම..

     ” තත බලන්නෙ නැද්ද?!.. ”

  කොල්ලා ඉනට අත්දෙක තියන් ඇහුවෙ පෙරේතකමට කියල නොදන්නවා වගේ.. මම නිවලා නිවලා තුන්දෙනාගෙම කටවල්වල රාමේන් නූල් දෙක තුන ගානෙ තියාගෙන ගියා..

    ” ම්ම්…. තත කදිමයි.. ”

කොල්ලගෙ කෝලම්වලට පොඩි උන් දෙන්නා හෙන ආසයි. උන්ගෙ හිනාවෙන් මුලු ගෙදරම කිරි උතුරන්නා වාගෙ…

   ” සුදුමහත්තයා.. අක්කිට අඩගහන් එන්න කෑම කන්න… ”

    ” අපෝ එයා කන්නෑ… දැන් තරහ වෙලා ඉන්නෙ. ”

    ” ඔයාට පුළුවන් ද එහෙනං කෑම එක අක්කිට ගිහින් දෙන්න?.. ”

    ” හ්ම්ම්… ඉක්මනට දෙන්නකො එහෙනම්… ”

    ” මාත් නන්නත?.. ”

   ” හා හා මේ.. ඔයා ඔහොම ඉන්න.. “

    ” අක්කි මත කැමති නැති ඉන්දා?… ” කොල්ලගෙ මූන දුකෙන් පිරුනා.. මං ඒ පිරිච්ච කම්මුල් අතින් මිරිකලා හාද්දක් ඔලුවෙ මුදුනෙන් තිබ්බෙ ඒ නිසා..

    ” අක්කි ඔයාට කැමතියි මැනික.. අක්කිට ඒක පෙන්නන්න ලැජ්ජයි. එයාට ටික කාලයක් දෙමුකො අපි. ”

    ” …..ම්ම්… ” කොල්ලා ගිහින් කෑමමේසෙන් ඉදගත්තා.. මල්ලි යොවානගෙ කාමරේට යන්න යද්දි අයියා ආවෙ අතේ පාර්සලයක් තියන්..

    ” තෑගී!!!… ” මේලි දිව්වෙ අයියා ලඟට. අයියා පොඩි උන් තුන්දෙනාටම එකම ජාතියෙන් ටෙටිබෙයාල තුන්දෙනෙක් ගෙනත් තිබුනා..

    ” මත තෝතපාත එක ඕන!. “  කොල්ලා අඩන්න ලෑස්ති වෙද්දි මේලි රෝසපාට එක මොනර පැටියට දීල එයා රතුපාට ටෙඩියව ගත්තා..

   

     ” අනේ මොනර පැටියා.  රෝසපාට ඒවට ආස අක්කිලනෙ.. පව් නෙ හලෝ.. ”

    කොල්ලා ආයෙත් ටෙඩියො දෙන්නා දිහා බැලුවා. ” ඔයාත තෝතපාත එක්කෙනාව ඕනද?.. ”

    ” එපා… මං රතු පාටටත් ආසයි.. අපේ ටීච කිව්වා… හැම ග’ල් කෙනෙක්ම රෝසපාටට ආස වෙන්නෝන නෑ කියල.. අනික… රෝසපාට එච්චර ලස්සනත් නෑ. ”

     ” ඒ වුනාත තෝතපාත දත්තනයිනෙ.. ! ” කොල්ලා මූන බෙරි කරගෙන ආවෙ මං ලඟට.. බෝනික්කත් අතින් අරන්..

    ” කොල්ලො රෝසපාටට කැමති වෙන්න හොද නෑ… ” මේනව් කිව්වෙ නිල්පාට ටෙඩියව අරන් කෑමමේසෙන් වාඩිවෙන ගමන්..

      ” ඒම නෑ මේනව්.. රෝස පාට කියන්නෙ තව එක පාටක් විතරයි. ඒකට ඕනම කෙනෙකුට කැමති වෙන්න පුළුවන්… ” අයියා කොල්ලට කිව්වෙ ආදරෙන්.. ඊටපස්සෙ උඩ තට්ටුවට යන්න හැදුවෙ තව පාර්සලයක් අතේ තියන්…. මම අයියා අතේම නංගිගෙ කෑම එක යැව්වා.. අයියා කැව්වොත් කෙල්ල නොකා ඉන්න එකක් නෑ.

       ” ඒකනෙ… මොලල පැතියා ආතයි තෝතපාතත.. ”

    ” මොනර නංගි “

  ” අනේ මං තලහ වෙනවා හරිද? ”

     ” එපා හලෝ.. මල්ලි පව්.. එයා චූටිනෙ… ”

      මගෙ හිනාව නතර වුණේ උඩ තට්ටුවෙ ගරාදි වැටෙන් පහලට වැටුන මේක් අප් සෙට් එක හින්දා.. ඒක අලුත් එකක්… අයියා ගෙනාව පාර්සලේ මේක කියල මං උපකල්පනය කරා..

     ඒකෙ කෑලි ලිවින් රූම් එකේ රෝල් වෙලා ගියා. පොඩි උනුත් බය වෙන්න ඇති එකපාරටම වෙච්ච දේ හින්දා..

      ” …. තමුසෙ තමුසෙගෙ අර වයිෆ්ටයි දරුවටයි ම දීගන්නවා හලෝ ඕවා! අපි තවත් තමුසෙගෙ ජීවිතේට බරක් වෙලා ඉන්නෙ නෑ. මං එග්සෑම් ලිව්ව ගමන් ජොබ් එකක් හොයන් යන්නං. ඊටපස්සෙ නටන නාඩගමක් නටාගන්නවා. ”

  යොවානා අයියට කෑගැහුවෙ….

   ” යොවානා… මොකද්ද ඕයි නංගා තමුසෙට වෙලා තියෙන්නෙ?!. මං උබලට ආදරේ නිසා නෙවේද- ”

    ” තමුසෙ අපිට ආදරෙයි.. ඔව්.. ඒත් අර තමුසෙලගෙ කුකුල් පැටියට තමුසෙ ඊටවඩා ආදරෙයිනේ නේද?!. තමුසෙ ඕනම වෙලාවක තෝරගන්නෙ තමුසෙගෙ කුකුල් පැටියවනෙ.. ඉතින් උන් එක්කම ලැගහන්. මට ඕන්නෑ තමුසෙගෙ මොකුත්.. ”

මට මොකටත් වඩා මහ කලකිරීමක් දැනුනා.. ලස්සන පවුලක් මැදට ඇවිත් මං ඒ සහෝදරකම් නැති කරලා දාන්න නේද යන්නෙ?!…

   ඇයි මගෙ ජීවිතේ මෙච්චර දුශ්ට.. මට හිතුනෙ මේ රෑම මෙහෙන් යන්න. ඒත්… ඒකෙන් තව ප්‍රශ්න ඇති වෙයිද?…

මගෙ ඔලුවට කිසිම නිදහසක් තිබුනෙ නෑ.. කල්පනා කරල මාව හෙම්බත් වුනා විතරයි….

නැවත හමුවෙමු

🤍🦢

17| 11| 2024     13:49

කාලෙකින් ආවෙ.. මගෙ අනිත් පොත කම්ප්ලීට් කරගන්න ඕන වුන නිසයි පරක්කු වුනේ.. ඒ ගැන සමාවෙන්න.

හංසගෙ ජීවිතේත් මගෙ ජීවිතේ වගේ… හැමදාම ප්‍රස්න 😒

අඩුම… අහක යන මරාලයක් හරි පාත්වෙනවා.

යොවානා වගේ නෑනෙක් ඔයාලට ලැබුනොත්.. ( මම නම් හංස වගේ ඉවසන එකක් නෑ.. 😂💔 දෙන්නෙ පයින්.. 🌚 )

ඒ වුනාට කෙල්ලටත් මොනාහරි ප්‍රශ්නයක් ඇතිනෙ ඉතින්…

මට ලියන්න කම්මැලි හිතුනා.. warm up එකක් විදියට මේ චැප්ට එක දැම්මෙ.. writers block  මගාරගන්න උදව් කරපු හැමෝටම Thanks අප්පා.. 🥺🤍

ප.ලි :

අම්නේ යකු මං හිතුවෙ වචන හත්සීයක්කත් නැතුවැති කියලා..  ගොඩක් ලියවිලා දන්නෙම නැතුම්.. 🥺💕

Tags: read novel À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 32 |, novel À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 32 |, read À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 32 | online, À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 32 | chapter, À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 32 | high quality, À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 32 | light novel, ,

Comment

Leave a Reply

Chapter 36